මීට පෙර සීසේරියන් සැත්කමකට භාජනය වූ මවක් සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙකු බිහිකිරීම වීබැක් (Vaginal Birth After Cesarean) යනකෙටි නාමයෙන් හැඳින්වේ. මෙම පත්‍රිකාවෙන්, මෙම ක්‍රියාවලිය පිලිබඳ අදාල තොරතුරු ඔබට ලබාදීමට බලාපොරොත්තු වෙමු

මීට පෙර සීසර් සැත්කමකින් දරු ප්රසූතිය කල මට සාමාන් දරු ප්රසූතියක් කල හැකිද?

  • ඔව්, එක් වරක්  සීසේරියන් සැත්කමකට භාජනය වූ මවකට සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙකු බිහිකිරීම වෛද්‍ය විද්‍යාව සහ ලොව පිලිගත්ආකල්පයකි

සාර්ථක වීබැක් ප්රසූතියකට ඇති ප්රවනතාවය කුමක්ද?

  • සියයට හැත්තෑ පහකට වැනි ඉහල ප්‍රතිශතයකට වීබැක් ක්‍රමයෙන් සාර්ථක සාමාන්‍ය දරු ප්‍රසූතියකට වරම් ලැබිය හැක
  • වෙනත් ආකාරයකට කියනවා නම් ඔබට සාමාන්‍ය ප්‍රසූතියකට ඇති ප්‍රවනතාවය ඉතා ඉහල මට්ටමක පවතී

සාර්ථක වීබැක් උපතකට මගේ ප්රවනතාවය වැඩි කරන සාධක මොනවාද?

සාර්ථක  වීබැක් උපතක් වීමට ඇති ප්‍රවනතාවය වැඩි කරන සාධක කිහිපයක් නම්:

  • ඔබේ සීසර් සැත්කමට පෙර හෝ පසුව ඔබ සාමාන්‍ය ප්‍රසූතියක් කර ඇත්නම්
  • ඔබේ ප්‍රසූතිය ස්වභාවිකව පටන් ගන්නේනම්
  • මීට පෙර සීසර් සැත්කම දරුවාට අදාල හේතුවකට සිදුකලානම්
  • ඔබගේ පෙර සීසර් සැත්කම මීට මාස දහ අටකට වඩා ඉහත දී කර ඇත්නම්
  • ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය 30ට අඩු නම්

වීබැක් ප්රසූතියක ඇති වාසි මොනවා ?

  • උදරයේ ශල්‍යකර්මයක් අනවශ්‍ය වීම
  • ප්‍රසූතියෙන් පසු වඩා ඉක්මනින් ප්‍රකෘතිමත් වීම
  • ආසාදන ඇතිවෙමේ අවධානම අඩු වීම
  • අඩුවෙන් රුධිරය වහනය වීම
  • නවජන්ම කාලයේදී දරුවා ගේ ශ්වසනය සම්බන්ධව ඇතිවන සංකූලතා අඩු වීම
  • මවටත් දරුවාටත් වාසි යැයි සැලකෙන සම ට සම ගැටෙන සේ ප්‍රසූතිය සිදු වූ විගස සිටීමට හැකිවීම
  • මවුකිරි දීමේ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවනතාවය අඩු වීම
  • බොහෝ කාන්තාවන්ට සාමාන්‍ය ප්‍රසූතියක් අත් දැකීමට ලැදියාවක් ඇත. වීබැක් ක්‍රමයෙන් ඔබට එම අත්දැකීම ලබාගතහැක
  • ඔබ ඉදිරියට තවත් දරුවන් සදාගැනීමට බලාපොරොත්තු වන්නේනම්, වීබැක් ක්‍රමයෙන්, ඉදිරියේදී බිහිකරන දරුවන්ද සාමාන්‍ය ප්‍රසූතියක්ලෙස ලබාගැනීමට ඉඩ  සැලසෙයි
  • එමගින් නැවත නැවත සීසර් සැත්කම් කිරීමේදී ඇතිවිය හැකි සමහර සංකූලතා ඔබට අත් විඳීමට ඇති ප්‍රවනතාවය අඩු වෙයි. උදාහරනවශයෙන් බඩවැල් වලට සහ මුත්‍රාශයට ඇතිවියහැකි හානි, වැදෑමස අසාමාන්‍ය ලෙස ගර්භාශයට කා වැදීමෙන් හටගත හැකි භයානකසංකූලතා ගත හැක

මා වීබැක් ප්රසූතයකට සුදුසු යැයි මා දැනගන්නේ කෙසේද?

  • මීට පෙර සීසර් සැත්කමකට භාජනය වූ මවුවරුන් බහුතරයක් වීබැක් ක්‍රමයට සුදුසු වෙති
  • ඔබට මෙම ක්‍රමය සුදුසුදැයි යන තීරනය ඔබේ විශේශඥ වෛද්‍යවරයා විසින් ගනු ඇත
  • මෙම තීරනය ගැනීමට ඔබේ පෙර වෛද්‍ය වාර්තා සියල්ලම ඔබේ විශේශඥ වෛද්‍යවරයාට අවශ්‍ය වනු ඇත

වීබැක් ප්රසූතයක් නුසුදුසු වන්නේ කුමන අවස්ථා වලද?

  • ඔබට මීට පෙර සීසර් සැත්කම් දෙකක් හෝ ඊට වඩා සිදුකර ඇත්නම්
  • ඔබේ ගර්භාශය ශල්‍යකර්ම වලට ලක්වී ඇත්නම්
  • ඔබට සීසර් සැත්කමක් අවශ්‍ය වන වෙනත් සංකූලතාවයක් ඇත්නම්

වීබැක් ක්රමය ප්රවේශම් ?

  • ඔව්
  • එක් එතරම් සුලභ නොවන ලෙස සැලකෙන සංකූලතාවයක් වනුයේ ඔබේ ගර්භාශයේ ඇති කැලල විවෘත වීමේ අවදානමයි. 
  • මෙම අවදානම දෙසීයට එකක් ලෙස සඳහන් වෙයි
  • කලාතුරකින්, මෙම සංකූලතාවය මගින් ඔබත්, ඔබේ දරුවාත් අවදානමකට ලක්විය හැක
  • එනමුත්, ඔබගේ ප්‍රසූතිය අවස්ථාවේදී කෙරෙන නිරීක්ෂන වලින් මෙය කලින් හඳුනා ගැනීමට හැකි වීමෙන් මෙම අවදානම තවත් අඩු වෙයි
  • වීබැක් ක්‍රමය තෝරාගත් ඔබට සීසර් සැත්කමක් අවශ්‍ය වීමේ ප්‍රවනතාවය සියයට විසි පහක් පමන වේ. උදාහරනයක් වශයෙන්, ඔබේදරුවාගේ තත්වය පිලිබඳ ගැටලුකාරී තත්වයක් ඇතිවුවහොත් හෝ ඔබේ ප්‍රසූතිය නිසි ප්‍රගතියක් දැක්වූවේ නැතිනම්

වීබැක් ප්රසූතියක් සඳහා මම සූදානම් විය යුත්තේ කෙසේ 

  • පෙර ප්‍රසව සමයේදී ඔබ විශේෂ කිසිවක් කිරීමට අවශ්‍ය නැත
  • රෝහල මඟින් පවත්වන පෙර ප්‍රසව පංති වලින් සාමාන්‍ය ප්‍රසූතිය ගැන ඔබට හොඳ අදහසක් ලබා ගත හැක. එයින් ඔබට සාමාන්‍යප්‍රසූතියක් ගැන ධනාත්මක ආකල්පයක් ඇති කර ගත හැක
  • සාමාන්‍ය මවුවරු නියැලෙන පෙර ප්‍රසව ව්‍යායාම ඔබටත් කල හැක

මේ හේතුව නිසා මගේ ප්රසවයේදී ක්රියා කරන විධියේ වෙනසක් සිදු වේ ?

  • ඔබගේ ප්‍රසූතිය ස්වභාවයෙන් පටන් ගැනීම වඩාත් සුදුසු වේ. ප්‍රේරනය කල ප්‍රසූතියකට වඩා ස්වභාවයෙන් පටන් ගන්නා ප්‍රසූතයක සංකූලතාඅඩුය
  • ඔබේ ප්‍රසූතිය ඉතාමත් ප්‍රවේසමෙන් නිරීක්ෂනය කෙරෙනු ඇත
  • ඔබේ අතේ ශිරාවකට ප්ලාස්ටික් කැනියුලාවක් ඇතුලු කර තබනු ඇත
  • වේදනාව අඩු කිරීමට භාවිතා වන සෑම ක්‍රමයක්ම ඔබ වෙනුවෙන් පාවිච්චි කල හැක

මගේ ‘බලාපොරොත්තු දිනය‘ පසු වුනොත්?

  • ඔබට වෙනත් සංකූලතාවයන් නැතිනම්, දිනය පසුවී දින හතක් සිටීම ප්‍රවේසම් බව සැලකේ
  • මෙම කාල පරිචෙදයේදී ඔබේ ප්‍රසූතය ස්වභාවයෙන් ම පටන් ගැනීමේ ඉහල ප්‍රවනතාවයක් ඇත. ඉහල කී පරිදි මෙය ඔබට වාසියක් ලෙසසලකමු

මගේ ප්රසූතියේදී සංකූලතාවක් ඇති වුවහොත්?

  • කලාතුරකින් වන පරිදි ඔබේ ගර්භාශයේ කැලල  විවෘත වුවහොත්, ඔබව වහාම ශල්‍යකර්මයකට භාජනය කිරීමට අවශ්‍ය වනු ඇත
  • ඔබට හෝ ඔබේ දරුවාට මෙම සංකූලතාවයෙන් බරපතල හානියක් වීමේ ප්‍රවනතාවය ඉතා අල්පය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *